Skip to content

නිතර අසනු ලබන ප්‍රශ්න

ස්වයං ප්රතිශක්තිකරණ අක්මා රෝගය ඇතිවන්නේ අක්මාවේ සෛල වලට එරෙහිව ශරීර සෛල අසාමාන්ය ලෙස ප්රතිශක්තිකරණ ප්රතිචාර දැක්වීමෙනි.

මෙම ප්රතික්රියාව අක්මාවට හානි සිදු කරයි. ප්රතිකාර නොකල හොත්, අක්මාවේ කැළැල් ඇතිවී කාලයත් සමඟ දැඩි වී අක්මාව අකර්මණ්ය වේ. ප්රතිකාර සඳහා සාමාන්යයෙන් ප්රතිශක්තිකරණ මර්දන ඖෂධ ඇතුළත් වේ.

ළමුන්ට උදර වේදනාව ඉතා සුලභ ගැටළුවකි. උදරයේ විවිධ අවයව වලින් උදර වේදනාව ඇතිවීමට බොහෝ හේතු තිබේ – ආමාශය, ආහාර ජීර්ණ පද්ධතිය, අක්මාව, වකුගඩු, අග්න්යාශය හෝ ප්ලීහාව. නිදන්ගත උදර වේදනාව ඉන්ද්රිය හේතූන් හෝ ක්රියාකාරීත්ව හේතුන් නිසා විය හැකිය.

දරුවන්ගේ උදර වේදනාව සඳහා ඉන්ද්රිය නිසා ඇතිවන රෝග සහ ක්රියාකාරීත්වය නිසා ඇතිවන රෝග

ඉන්ද්රිය නිසා ඇතිවන රෝග: ආමාශයේ ඇතිවන ආමාශ ආශ්රිත රෝග, ආමාශයේ තුවාල, අක්මා රෝග හෝ අග්න්යාශයේ රෝග වැනි ගැටළු වලට ඉහළ උදර වේදනාව ඇති කරයි. පහළ උදර වේදනාව පෙන්නුම් කරන්නේ බඩවැල් රෝග, අසාත්මික බඩවැල් තත්ත්වයන් වැනි කුඩා අන්ත්ර රෝගයි.

ක්රියාකාරීත්වය නිසා ඇතිවන රෝග: නිරන්තරයෙන් පුනරාවර්තන උදර වේදනාව ඇතිවිය හැක්කේ ක්රියාකාරී හේතු නිසා විය යුතු අතර එය මූලික වශයෙන් වෙනස් කළ සංවේදනය හෝ බඩවැලේ ක්රියාකාරිත්වය ගැන සඳහන් කරයි. මෙයින් අදහස් කරන්නේ බඩවැල් වෙනත් ආකාරයකින් හැකිලෙන බව හෝ රෝගියා සාමාන්ය බඩවැල්වල චලනය වේදනාකාරී ලෙස අත්විඳින බවයි. ප්රතිකාරය දරුවාගේ රෝග ලක්ෂණ අවම කිරීම ඉලක්ක කර ඇත.

තක්සේරුව

ළමා ආමාශ ආන්ත්ර රෝග විශේෂඥ වෛද්යවරු ළමුන් හා නව යොවුන් වියේ දරුවන් සිය දහස් ගණනක් පරික්ෂා කර උදර වේදනාවෙන් පෙළෙන ඉන්ද්රිය නිසා ඇතිවන රෝග හා ක්රියාකාරීත්වය නිසා ඇතිවන රෝග අතර වෙනස හඳුනා ගැනීමට ඉහළ පළපුරුද්දක් ඇත. රෝග ඉතිහාසය හා ශාරීරික පරීක්ෂණය මත පදනම්ව, රුධිර පරීක්ෂණ, මළපහ පරීක්ෂණ, විවිධ ස්කෑන් ඇතුළු ඉලක්කගත පරීක්ෂණ ඇණවුම් කරනු ලැබේ. ඔබේ දරුවාගේ රෝග ලක්ෂණ අනුව රෝග ලක්ෂණ සහිත ඖෂධ නියම කළ හැකිය. ආමාශයික ගැටළු, තුවාල හෝ බඩවැල් රෝග සැක කරන්නේ නම් ඇතැම් විට එන්ඩොස්කොපි පරීක්ෂාවක් (ගැස්ට්රොස්කොපි සහ / හෝ කොලොනොස්කොපි) පරීක්ෂාවන සිදු කරනු ලැබේ.

මේද අක්මා රෝගය ඇතිවන්නේ අක්මාව තුළ මේදය වැඩිපුර සෑදී තැන්පත් වන විටය. වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබුණද, මෙම තත්වය ළමයින්ට සහ නව යොවුන් දරුවන් අතර, විශේෂයෙන් බරින් වැඩි අයට බලපායි. මේද අක්මාව අක්මාව ඝන වී ක්රියාකාරීත්වය අඩු වීමටද හේතු විය හැක.

රෝග විනිශ්චය සාමාන්යයෙන් සිදු කරනු ලබන්නේ රුධිර පරීක්ෂාව, අක්මාවට විශේෂිත ස්කෑන් පරීක්ෂණ කිරීම සහ ඇතැම් විට අක්මාව බයොප්සි පරීක්ෂණක් සිදු කිරීමෙනි. මේද අක්මාව ඇති ළමුන් හෝ නව යොවුන් දරුවන් අක්මාවේ තත්වය නිරීක්ෂණය කිරීම සඳහා ළමා අක්මා ආමාශ ආන්ත්ර රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ උපදෙස් අනුගමනය කිරීම වැදගත්ය. අක්මාව තුළ මේදය තැන්පත් වීමෙන් ඇතිවන දැවිල්ල හා හානිය අවම කිරීම සඳහා ප්රතිකාරද නියම කළ හැකිය.

දරුවෙකුගේ මළපහ හදිසියේම දියර ආකාරයෙන් බවට පත්වන විට ඔහුට හෝ ඇයට පාචනය තිබේ. පාචනය උග්ර (කාලය සතියකට අඩු) හෝ නිදන්ගත (සති 2 කට වඩා වැඩි කාලයක්) විය හැකිය.

උග්ර පාචනය

උග්ර පාචනය බහුලව ඇතිවන්නේ වෛරස්, බැක්ටීරියා හෝ පරපෝෂිතයින් ආසාදනය වීමෙනි. බඩේ වේදනාව, වමනය, නිතර දියර මළපහ පිටවීම, විජලනය සහ උණ වැනි රෝග ලක්ෂණ ඇතිවේ.

මේ අවස්ථාවන්හිදී, දරුවාට ප්රමාණවත් මුඛ මාර්ගයෙන් ජලය ලබා දීම සහ ක්රියාශීලීත්වය සහතික කිරීම ප්රතිකාරයට ඇතුළත් වේ. කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී, අධික පාචනය සහ / හෝ වමනය දැඩි විජලනය වීමට හේතු විය හැක. මෙවිට නහර හරහා ආදේශක තරල ලබා දීම වැනි සුදුසු ප්රතිකාර අවශ්ය බැවින් ඉක්මනින් වෛද්ය ප්රතිකාර ලබා ගැනීම වැදගත්ය. රෝග ලක්ෂණ අනුව ඔබේ වෛද්යවරයාට ප්රතිජීවක ඔ්යෂධ, මුඛ ප්රතිස්ථාපන තරල(ජීවනී) සහ ප්රෝබියොටික් නියම කළ හැකිය.

නිදන්ගත පාචනය

නිදන්ගත පාචනය යනු සති 2 කට වඩා වැඩි කාලයක් පවතින පාචනයයි. එය උග්ර පාචනයකට වඩා අඩු සංඛ්යාවකට වැළඳේ. නිදන්ගත පාචනය ඇති රෝගීන්ට බොහෝ විට මළපහ වල රුධිරය, බර අඩු වීම, උදාසීනතාවය, උණ, වමනය වැනි වෙනත් රෝග ලක්ෂණද ඇත. ඔබේ දරුවාට නිදන්ගත පාචනය තිබේ නම්, ඔහු හෝ ඇය ළමා ආමාශ ආශ්රිත රෝග විශේෂඥ වෛද්යවරයකු විසින් තක්සේරු කළ යුතුය. විශේෂ පරීක්ෂණවලට රුධිර පරීක්ෂණ, විශේෂිත මළපහ පරීක්ෂණ ඇතුළත් වේ. සමහර අවස්ථාවල රෝග විනිශ්චය කිරීම සඳහා ඉහළ එන්ඩොස්කොපි හා කොලොනොස්කොපි පරීක්ෂණ සිදු කරනු ලැබේ. නිදන්ගත පාචනය ඇතිවීමට හේතු වන්නේ ආසාදන, ක්රෝන්ස් (Crohns) රෝගය, Ulcerative colitis, ආහාර අජීර්ණය, සීලියක් රෝගය(Celiac disease), irritable bowel syndrome වැනි බඩවැල් ආශ්රිත රෝගයන්ය. මෙම රෝගීන්ට ඔවුන්ගේ තත්වය පාලනය කිරීම සඳහා ඉක්මන් ප්රතිකාර ලබා ගැනීම වැදගත් ය.

/* ]]> */