දරුවෙකුගේ මළපහ හදිසියේම දියර ආකාරයෙන් බවට පත්වන විට ඔහුට හෝ ඇයට පාචනය තිබේ. පාචනය උග්ර (කාලය සතියකට අඩු) හෝ නිදන්ගත (සති 2 කට වඩා වැඩි කාලයක්) විය හැකිය.

උග්ර පාචනය

උග්ර පාචනය බහුලව ඇතිවන්නේ වෛරස්, බැක්ටීරියා හෝ පරපෝෂිතයින් ආසාදනය වීමෙනි. බඩේ වේදනාව, වමනය, නිතර දියර මළපහ පිටවීම, විජලනය සහ උණ වැනි රෝග ලක්ෂණ ඇතිවේ.

මේ අවස්ථාවන්හිදී, දරුවාට ප්රමාණවත් මුඛ මාර්ගයෙන් ජලය ලබා දීම සහ ක්රියාශීලීත්වය සහතික කිරීම ප්රතිකාරයට ඇතුළත් වේ. කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී, අධික පාචනය සහ / හෝ වමනය දැඩි විජලනය වීමට හේතු විය හැක. මෙවිට නහර හරහා ආදේශක තරල ලබා දීම වැනි සුදුසු ප්රතිකාර අවශ්ය බැවින් ඉක්මනින් වෛද්ය ප්රතිකාර ලබා ගැනීම වැදගත්ය. රෝග ලක්ෂණ අනුව ඔබේ වෛද්යවරයාට ප්රතිජීවක ඔ්යෂධ, මුඛ ප්රතිස්ථාපන තරල(ජීවනී) සහ ප්රෝබියොටික් නියම කළ හැකිය.

නිදන්ගත පාචනය

නිදන්ගත පාචනය යනු සති 2 කට වඩා වැඩි කාලයක් පවතින පාචනයයි. එය උග්ර පාචනයකට වඩා අඩු සංඛ්යාවකට වැළඳේ. නිදන්ගත පාචනය ඇති රෝගීන්ට බොහෝ විට මළපහ වල රුධිරය, බර අඩු වීම, උදාසීනතාවය, උණ, වමනය වැනි වෙනත් රෝග ලක්ෂණද ඇත. ඔබේ දරුවාට නිදන්ගත පාචනය තිබේ නම්, ඔහු හෝ ඇය ළමා ආමාශ ආශ්රිත රෝග විශේෂඥ වෛද්යවරයකු විසින් තක්සේරු කළ යුතුය. විශේෂ පරීක්ෂණවලට රුධිර පරීක්ෂණ, විශේෂිත මළපහ පරීක්ෂණ ඇතුළත් වේ. සමහර අවස්ථාවල රෝග විනිශ්චය කිරීම සඳහා ඉහළ එන්ඩොස්කොපි හා කොලොනොස්කොපි පරීක්ෂණ සිදු කරනු ලැබේ. නිදන්ගත පාචනය ඇතිවීමට හේතු වන්නේ ආසාදන, ක්රෝන්ස් (Crohns) රෝගය, Ulcerative colitis, ආහාර අජීර්ණය, සීලියක් රෝගය(Celiac disease), irritable bowel syndrome වැනි බඩවැල් ආශ්රිත රෝගයන්ය. මෙම රෝගීන්ට ඔවුන්ගේ තත්වය පාලනය කිරීම සඳහා ඉක්මන් ප්රතිකාර ලබා ගැනීම වැදගත් ය.

Recommended Posts