සෙංගමාලය යනු සමේ කහ පැහැය හෝ ඇස්වල කහ පැහැය ඇති වීමයි. ළදරුවන් තුළ සෙංගමාලය වර්ග දෙකක්  ඇත. අලුත උපන් ළදරුවන්ට ඇතිවන සෙංගමාලය (ජීවිතයේ පළමු දින කිහිපය තුළ ඇතිවන සෙංගමාලය) සහ දිගු කාලීන සෙංගමාලය ( වයස සති දෙකකට වඩා වැඩි ළදරුවන්ට ඇතිවන සෙංගමාලය)

අලුත උපන් ළදරුවන්ට ඇතිවන සෙංගමාලය යනු කුමක්ද?

සෙංගමාලයේ සමේ කහ පැහැය ඇතිවන්නේ රුධිරයේ බිලිරුබින් වලිනි. රතු රුධිර සෛල බිඳ වැටෙන විට බිලිරුබින් නිපදවනු ලැබේ. බිඳ වැටෙන බිලිරුබින් අක්මාව තුළ සකසන අතර බඩවැල් හරහා එය බැහැර කරයි. අලුත උපන් බිළිඳුන් තුළ රතු රුධිරාණු බිඳ වැටීම වැඩි වීමක් දක්නට ලැබේ. අලුත උපන් බිළිඳාගේ අක්මාව පරිණත නැත. එබැවින් එය සෙංගමාලය දක්වා වර්ධනය වේ.

මගේ දරුවා සෙංගමාලය වැළඳී ඇත්දැයි මා කියන්නේ කෙසේද?

ඔබේ දරුවාගේ නාසයට හෝ නළලට මෘදු ලෙස එක් ඇඟිල්ලකින් ඔබන්න. ඔබ තද කරන විට සම කහ පැහැයට හැරේ නම්, ඔබේ දරුවාට සෙංගමාලය වැළඳී ඇත.

අලුත උපන් දරුවාගේ සෙංගමාලය තක්සේරු කිරීම සහ ප්‍රතිකාර කිරීම

අලුත උපන් බිළිඳුන්ගෙන් 60% කට පමණ සෙංගමාලය ඇතිවේ. සමහර අවස්ථාවලදී සෙංගමාලය දරුණු වී මොළයට හානි සිදුවිය හැකිය. ඔබේ දරුවාගේ සෙංගමාල තත්වය පරීක්ෂා කර බැලීම වැදගත් වන්නේ විශේෂයෙන් සමේ කහ පැහැය වැඩි වීම, උස් හඬින් ඇඬීම, අවදි කිරීමට අපහසු වන විටය.

ඔබේ වෛද්‍යවරයා ඔබේ දරුවා පරීක්ෂා කරනු ඇති අතර, සරල රුධිර පරීක්ෂාවකින් හෝ ස්කෑන් පරීක්ෂණයකින් ඔබේ දරුවාගේ සෙංගමාල තත්වය මැනිය හැක. බිලිරුබින් මට්ටම ඉහළ මට්ටමක පවතී නම්, සාමාන්‍යයෙන් දින කිහිපයක් සඳහා ආලෝක චිකිත්සාව(Phototherapy) අවශ්‍ය වේ.

මගේ දරුවාගේ සෙංගමාලය සති 2 ක් ඉක්මවා පැවතුනි. මම කරදර විය යුතුද?

ළදරුවාගේ සෙංගමාලය සති 2 කට වඩා වැඩි කාලයක් තිබීමටබොහෝ හේතු තිබේ. පොදු හේතුව වන්නේ මව්කිරි  නිසා ඇතිවන සෙංගමාලයයි. මව්කිරි නිසා ඇතිවන සෙංගමාලයට නිශ්චිත හේතුව කිසිවෙකු නොදන්නා නමුත් මව්කිරි වල ඇති ද්‍රව්‍යයකට නිමා විය හැක. මව්කිරි  නිසා ඇතිවන සෙංගමාලය සති කිහිපයකට පසු ඉබේම විසඳෙයි.

සති දෙකකට වඩා සෙංගමාලය වැළඳී ඇති ළදරුවන් ළමා ආමාශ ආන්ත්‍ර විද්‍යා විශේෂඥ්‍යයකු හෝ ළමා රෝග විශේෂඥ්‍යයකු විසින් පරීක්ෂා කිරීම සුදුසුය. මව්කිරි සෙංගමාලය හැරුණු විට අක්මා රෝග, ආසාදන, හෝමෝන ගැටළු, පරිවෘත්තීය තත්වයන් වැනි දිගු කාලීන සෙංගමාලයට හේතු වන තවත් තත්වයන් තිබේ.

Recommended Posts

No comment yet, add your voice below!


Add a Comment