මේද අක්මා රෝගය ඇතිවන්නේ අක්මාව තුළ මේදය වැඩිපුර සෑදී තැන්පත් වන විටය. වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබුණද, මෙම තත්වය ළමයින්ට සහ නව යොවුන් දරුවන් අතර, විශේෂයෙන් බරින් වැඩි අයට බලපායි. මේද අක්මාව අක්මාව ඝන වී ක්‍රියාකාරීත්වය අඩු වීමටද හේතු විය හැක.

රෝග විනිශ්චය සාමාන්යයෙන් සිදු කරනු ලබන්නේ රුධිර පරීක්ෂාව, අක්මාවට විශේෂිත ස්කෑන් පරීක්ෂණ කිරීම සහ ඇතැම් විට අක්මාව බයොප්සි පරීක්ෂණක් සිදු කිරීමෙනි. මේද අක්මාව ඇති ළමුන් හෝ නව යොවුන් දරුවන් අක්මාවේ තත්වය නිරීක්ෂණය කිරීම සඳහා ළමා අක්මා ආමාශ ආන්ත්ර රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ උපදෙස් අනුගමනය කිරීම වැදගත්ය. අක්මාව තුළ මේදය තැන්පත් වීමෙන් ඇතිවන දැවිල්ල හා හානිය අවම කිරීම සඳහා ප්රතිකාරද නියම කළ හැකිය.

Recommended Posts

No comment yet, add your voice below!


Add a Comment