ඔක්කාරය යනු වමනය හෝ කිරීමට අවශ්‍ය සංවේදනයයි.

වමනය යනු මුඛය හරහා ආමාශයේ අන්තර්ගතය බලහත්කාරයෙන් නෙරපා හැරීමයි.

ඔක්කාරය හා වමනය ඇතිවීමට හේතු මොනවාද?

වඩාත් පොදු හේතු සමහරක් නම්:

ඉහළ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රතිවාහ(Reflux)

ආමාශයේ අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර නැවත ආහාර නලයට ගෙන එන විට ඉහළ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රතිවාහය(Reflux) සිදුවේ. අන්තර්ගතය සාමාන්‍යයෙන් ආම්ලික වන අතර පිළිස්සීම, ඔක්කාරය, මුඛයේ ඇඹුල් රසය හෝ බඩේ වේදනාව දැනේ. කුඩා දරුවන් තුළ හෝ කතා කිරීමට නොහැකි ළදරුවන් තුළ, ඉහළ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රතිවාහ(Reflux) සිදු වූ විට ඔවුන්  නිරන්තරයෙන් ඇඬීම සිදුකරයි. ඇතැම් විට, ඉහළ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රතිවාහ(Reflux) ඇති දරුවන් ආහාර ප්‍රතික්ෂේප කිරීමද කළ හැකිය. දරුණු අවස්ථාවල දී රුධිරය වමනය කරීමටද හැක.

ආමාශ ආශ්‍රිත රෝග

ඔක්කාරය හා වමනය සඳහා තවත් පොදු හේතුවක් වන්නේ ආමාශ ආන්ත්‍රය ආශ්‍රිත රෝගයන්ය. බොහෝ අවස්ථාවන්හීදී, ආමාශය ආන්ත්‍රය ආශ්‍රිතව වෛරස් හෝ බැක්ටීරියා ආසාදන මගින් ඇතිවේ. මෙවිට දරුවා විජලනය නොවන බවට වග බලා ගැනීම වැදගත්ය. ඔහු හෝ ඇය නිතරම වමනය සිදුකරයි නම් හෝ ආහාර හා දියර වර්ග ලබා ගැනීමට නොහැකි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට ‌යොමු වන්න. ඔබේ වෛද්‍යවරයා විසින් ඖෂධ නියම කළ හැකිය. ඇතැම් විට, ඔබේ දරුවා අසනීපයෙන් සුවය ලබන තෙක් නහර හරහා ලබා දෙන තරල දින කිහිපයක් අවශ්‍ය වේ.

තක්සේරු කිරීම

ඔක්කාරය හා වමනය ඇති වීමට බොහෝ හේතුන් තිබේ. ඔබේ වෛද්‍යවරයාට ඉතිහාසය හා ශාරීරික පරීක්ෂණ රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ කළ හැකිය. සමහර අවස්ථාවල රෝග විනිශ්චය කිරීම සඳහා එන්ඩොස්කොපි පරීක්ෂාව (Endoscopy) ( ආහාර ජීර්ණ පද්ධතියේ කැමරා පරීක්ෂණය) සිදු කරනු ලැබේ.

Recommended Posts

No comment yet, add your voice below!


Add a Comment